450g බර පාන් ගෙඩියක මිල රුපියල් දහයකින් අඩු කිරීමට තීරණය කර තිබේ.

අද (26) අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල අඩුකිරීම ක්‍රියාත්මක වන බවට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කරයි.