කර්මාන්ත අංශය සඳහා යොදාගන්නා ඉන්ධන ලීටර් මිලියන 1.5 ක් ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් පිලිපීනය ආසන්න මුහුදේ දී ගිලී ගොස් තිබේ.

එම නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයේ 14 දෙනාගෙන් 16 දෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත් වුණා.

තවත් එක් පුද්ගලයෙකු අතුරුදහන් වී ඇති බවට සඳහන් වන අතර ඔහු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

ඒ වගේම මේ අනතුර හේතුවෙන් අවට මුහුදු කලාපයේ විශාල තෙල් පැල්ලම් දකින්නට ලැබෙන බවත් ජාත්‍යන්තර මාධ්‍යය සඳහන් කරයි.