විෂ දියර වර්ගයක් පානය කිරීමෙන් ජීවිතක්ෂයට පත් ඩෙවෝන් පුතා 5 ධීවර යාත්‍රාවේ ධීවරයින් සිව්දෙනාගේ මෘතදේහයන් රැගත් බහුදින ධීවර යාත්‍රාව අද (3) උදෑසන තංගල්ල ධීවර වරායට ළගාවිය

.ඩෙවෝන් පුතා 3 ධීවර යාත්‍රාව මගින් මෘතදේහයන් තැන්පත් කර තිබූ ඩෙවෝන් පුතා 5 ධීවර යාත්‍රාව කඹයක ආධාරයෙන් ඇද‍ගෙන පැමිණ තිබේ.

තංගල්ල පොලිසිය පැවසුවේ තංගල්ල මහේස්ත්‍රාත්වරයා පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්ව තෙක් මෘතදේහයන් යාත්‍රාවේ තිබෙන බවත් ඉන්පසු පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සදහා දේහයන් තංගල්ල මූලික රෝහලට රැගෙන යාමට නියමිත බවත්ය.