Local News
නව සන්ධාන ජනරැළියට සුවිශාල ජනගගක් කොළඹට - සූගීෂ්වර බණ්ඩාර මහතාගෙන් සුවිශේෂී දේශනයක්
Idapz Digital
"ශක්තිමත් ආර්ථිකයක් - ජයග්‍රාහී ගමනක්" තේමාව කරගනිමින් කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී ඊයේ (24) පස්වරුවේ පැවති නව සන්ධානයේ දෙවන ජන රැළියට විශාල ජනකායක් සහභාගී වී සිටියේය.
නව සන්ධාන කොළඹ දිස්ත්‍රික් නායක අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, මෙහෙයුම් නායක අනුර ප්‍රියදර්ශන යාපා, නව සන්ධාන නිර්මාතෘ නිමල් ලාන්සා, නව සන්ධාන ගම්පහ දිස්ත්‍රික් නායක අමාත්‍ය නලින් ප්‍රනාන්දු, කොළඹ දිස්ත්‍රික් සංවිධායක සූගීෂ්වර බණ්ඩාර, ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල අමරසිංහ, අසංක ශ්‍රීනාත් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියේය.
ගරුතර මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින්, වෘත්තිය සමිති නායකයින්, සිවිල් සංවිධාන නියෝජිතයින්, කලාකරුවන්, නීතිඥවරුන්, වෘත්තීයවේදීන් ඇතුළු වෘත්තීය සමිති 38 කට අයත් සාමාජිකයින්, අනුබද්ධ සංවිධාන 19 ක්, ආධාරකරුවන් විශාල පිරිසක් මෙම ජන රැලියට සහභාගී වී සිටියහ.
මෙම අවස්ථාවේදී පැමිණසිටි ජනතාව ඇමතු කොළඹ දිස්ත්‍රික් සංවිධායක සූගීෂ්වර බණ්ඩාර මහතා වර්තමාන දේශපාලන තත්වය පිළිබඳව සුවිශේෂී දේශනයක් කරනු ලැබුවා එම කතාව පහතින් ..